Opera, Emoji මත පදනම් වූ වෙබ් ලිපින ගවේශණය කිරීමේ පහසුකම ලබාදේ

Image Credits: Opera

ඔපෙරා වෙබ් බ්‍රව්සරය ඉමොජි පමණක් භාවිතයෙන් වෙබ් ලිපින ගවේශණය කිරීමේ පහසුකම ලබාදෙන බව ඊයේ නිවේදනය කළා. ඒ Yet සමග සහයෝගීතාවයෙන්. මෙම නව විශේෂාංගය Yet.at සමග හවුල්කාරීත්වයෙන් සිදුකරන ලදී. yet යනු Emoji url අලෙවිකරණ සමාගමක් වන අතර ඒ මගින් Emoji පමණක් භාවිතයෙන් ඔබටම අනන්‍ය URL එකක් නිර්මාණය කරගත හැකිය.

Opera නිවේදනය කරන්නේ මෙම Yat විසින් සපයන Emoji Domain පහසුකම මානවයාට අන්තර්ජාලය තව තවත් පහසුකරනු ඇති බවයි. සැබවින්ම මෙය අන්තර්ජාලයේ නව හැරවුමකි. අන්තර්ජාල දියත්කර වසර 30 පමණ ගතවුවත් තවමත් Domain හා URL වල නව්‍යකරණයක් සිදුවී නැත. ඒවා තවමත් text එකක් මගින් .com හො වෙනත් tld සමග වැඩකරයි. Weblink වල Emoji Domains අන්තර්ජාල පහසු හා විනෝදජනක එකක් කරනු ඇත.

පරිශීලකයින්ට තමන්ගේම Emoji Domain එකක් මිලදීගත හැකියි. yat විසින් එම කාර්යය පහසු කරන අතර ‌තාක්ෂණික විශේෂඥතාව නොමැති අයට yat විසින් තම emoji url භාවිතා කල හැකිය.

එමෙන්ම opera ඉදිරියේදී web3 අනුවාදවක් Beta ලෙස දියත් කිරීමට කටයුතු කරමින් සිටින අතර NFT හුවමාරු කිරීම්, Crypto වැනි web3 නව්‍යකරණය යටතේ opera වැඩිදියුණු කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටියි. 

Post a Comment

Previous Post Next Post