විශේෂ සංස්කරණයක් ලෙස එන නවතම iPhone SE 2020

iPhone SE

 Apple සමාගම 2020 වසර සදහා නිකුත් කරන ලද නවතම නිර්මාණය වන්නේ iPhone SE 2020 ජංගම දුරකථනයයි. මෙම දුරකථන SE(Special Edition) එසේත් නොමැති නම් විශේෂ සංස්කරණය ලෙස හැදින්වීමට හේතුව මේවා මිලෙන් තරමක් අඩු වීම සහ නවතම iPhone දුරකථනයන්හි අඩංගු විශේෂාංග වලින් සමන්විත වන නිසාය. iPhone SEහි දෙවන පරම්පරාව ලෙස හදුන්වන මෙම නවතම ජංගම දුරකථනය බාහිර පෙනුමෙන් iPhone 8 ජංගම දුරකථනයට සමානකම් දක්වන අතර මෙය කලු, සුදු සහ රතු වර්ණයන්ගෙන් වෙළදපළට නිකුත් වනවා. හැඩයෙන් iPhone 8 මෙන් අඟල් 4.7 ක තිරයක්, ඉහළ සහ පහළ විශාල බෙල්ස් සහ ස්පර්ශක සංවේදක සහිත Home Button යන අංග අඩංගු වනවා. එය iPhone 6 සිට ස්ථාවරව පවතින මෝස්තරයක් වන අතර එමඟින් iPhone SE එකම පෙනුමෙන් පස්වන පරම්පරාව බවට පත් කරයි. මේ වන විට මතක ධාරිතාවය 64GB, 128GB සහ 256GB සහිතව පාරිභෝගිකයින්ට මිලදී ගත හැකියි.

විශේෂිත කැමරා පද්ධතිය

මෙහි iPhone 8 මෙන් වඩා හොඳ කැමරාවක් සහ ප්‍රොසෙසරයක් සහිත වන අතර එය සාපේක්ෂව පැරණි මෝස්තරයක් වුවද, මෙම iPhone SE සතුව Apple හි A13 Bionic චිපයක් ඇත. නවතම iPhone 11 සහ 11 Pro මාදිලිවලද සමන්විත වන්නේ එම චිපයයි. එම නිසාම මෙම iPhone SE නිසා iPhone 8 අලෙවිය අවධානමකට ලක්විය හැකියි. මෙම ප්‍රොසෙසරය මඟින් නව iPhone SEහි නව කැමරා විශේෂාංග ලබා ගැනීමට ඉඩ ලබා දේ. පිටුපස මෙගාපික්සල් 12 ක කැමරාචක් ඇත. Apple සමාගම පවසන්නේ එය Smart HDR ඡායාරූපකරණය වැඩිදියුණු කිරීම සඳහා A13  Bionic චිප්ස් භාවිතා කරන බවයි. එමඟින් ඡායාරූපයෙහි lighting සහ details වැඩි දියුණු කිරීම සඳහා තනි ඡායාරූපයකට Multiple shots ඒකාබද්ධ කරනු ලබයි.

iPhone SE

Apple සමාගම විසින් “monocular depth sensing” ලෙස හඳුන්වන තාක්‍ෂණය සහිත Portrait මාදිලියක් ද එහි අඩංගු වේ. මුහුණු හඳුනා ගැනීමට එය Machine Learning භාවිතා කරන බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා. නමුත් අවාසනාවකට මෙය සතුන්ගේ ඡායාරූප සදහා භාවිතා කල නොහැක. එයට දෘශ්‍ය රූප ස්ථායීකරණයක් ඇතුළත් වන අතර Apple සමාගම පවසන්නේ වීඩියෝව මත “සිනමාත්මක” ස්ථායීකරණයක් කළ හැකි අතර 4K 60fps වීඩියෝ ලබා ගැනීමට හැකියාව පවතන බවයි. ඉදිරිපස කැමරාව මෙගාපික්සල් 7 ක් වන අතර එයටද Portrait මාදිලියේ ඡායාරූප ලබාගත හැකියි.

iPhone SE 2 සහ iPhone 8 අතර සමානතාවයක්?

නව දෙවන පරම්පරාවේ iPhone SE කොටස් බොහොමයක් iPhone 8 ට සමාන වේ. එයට iPhone 8 හා සමාන බැටරි ආයු කාලයක් තිබිය යුතුය. iPhone 8 සදහා නිර්මාණය කර ඇති බාහිර ආවරණ නව  iPhone SE සදහාද භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. එහි අඟල් 4.7 ක IPS LCD Retina තිරය True Tone වර්ණයෙන් යුක්ත වන අතර එයද iPhone 8 හි සමන්විත තිරය හා සමාන වනවා. මෙය 18W වේගවත් ආරෝපණයෙන් සමන්විත වන නමුත් මිලදී ගැනීමේදී ඔබට ලැබෙන්නේ 5W ආරෝපකයකි. අනෙක් දුරකථන මෙන් Lightning සම්බන්ධකයක් මගින් මෙය ආරෝපණය කල හැකියි. එලෙසම රැහැන් රහිත ආරෝපණයෙන්ද මෙය සමන්විත වනවා. තවද මෙය Lightning Headphone සහිතව පාරිභෝගිකයාට ලබාගත හැකියි.

මෙම විශේෂාංගයන්ට අමතරව Wi-Fi 6Gigabit LTE සහ dual-SIM යන අංගයන්ද අන්තර්ගත වනවා.කෙසේ වෙතත් මෙම දෙවැනි සිම්පත eSIM විය යුතුයි. තවද මෙය Haptic Touch සදහාද සහය වේ. Haptic touch යනු Apple සමාගම 3D touch සදහා අලුතින්ම පැමිණෙන ආදර්ශකයයි.

කෙසේ නමුත් මෙම ගෝලීය වසංගතය මධ්‍යයේ නිකුත් වූ මෙම නව iPhone SE 64GB- $399, 128GB- $449, 256GB- $549 මිලක් සහිතව Apple වෙබ් අඩවියෙන් මිලදී ගැනීම දැන් සිදුකල හැකියි. iPhone SE සමස්ථයක් ලෙස ඉතා හොඳ ගනුදෙනුවක් සේ පෙනේ. එනම් අද මිලදී ගත් දුරකථනයකට ඉදිරි වසර ගණනාවක් සඳහා මෘදුකාංග යාවත්කාලීන කිරීම් ලබාගැනීමේ හැකියාව පවතී.

Post a Comment

Previous Post Next Post